Online Sinhala

Online Sinhala Magazine

බැංකුවක සේවය කරන අපේ ඉස්කෝලේ පුංචි නැටුම් ටීචගේ රහස් කතාවක් එලියට

අවුරුදු කුමරිය තරගයෙන් ජය ගැනීමත් සමග හැමෝම වගේ රංගනයට දායක වෙන්න අවස්ථාවක් ලැබුණු අද වෙද්දී හැමෝම වගේ ආදරය කරන චරිතයක් සමග තමයි අපි අද පුංචි කතා බහ සිදුකරන්න සුදානම් වෙන්න යන්නේ. මේ තමයි දමිත්‍රී සුබසිංහ. තවමත් තරුණ වියේ සිටිනා ඇය සුරූපී චරිතයක් ලෙස හැමෝගෙම ආදරය දිනාගෙන ඇති බව තමයි අපි දකින්නේ. මොකද මේ දිනවල විකාශය වන ඉස්කෝලේ ටෙලි කතාව තුලින් රසිකයන් අතරට පැමිණි නිහඬ චරිතයක් තමයි ඇය. අපි ඇයත් සමග පුංචි කතා බහක් කරන්න හිතුවා. අපි මුලින්ම ඇහුවේ අවුඋදු කුමරිය තරගය ගැන. මම 2019 දී දෙරණ අවුරුදු කුමරිය තරගයේ පළමු ස්ථානය දිනාගත්තා. එතනින් පස්සේ තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණෙත්. දෙරණ අවුරුදු කුමරිය තරගය කියන්නේ ලස්සන විතරක් බලපු තරගයක් නෙමෙයි. අපේ හැකියාවත් එතනදි බැලුවා. මම රංගනයට එන්න මේ තරගය පාලමක් කරගන්න හැදුවේ නැහැ. නමුත් මට අහම්බෙන් රංගනයට එන්න අවස්ථාව ලැබුණා.

ඉතින් අපි ඉස්කෝලේ කියන ලස්සන කටහ්ව ගැනත් අහන්න අමතක කලේ නෑ. ඔව්. ඉස්කෝලේ ටෙලිනාට්‍ය නිසා තමයි මම ආයෙත් ඉස්කෝලේ යන්නේ. කොළඹ සල්ලිකාර පවුලක හැදුණ කලාවට ගොඩක් ආස නිසා පිටිසර ගමකට ගිහින් නර්තනය උගන්නන ගුරුවරියක් විදිහට තමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. මේ මගේ දෙවැනි නාට්‍ය. දෙරණ නාලිකාවේ ලක්සිරි වික්‍රමගේ සර්, චරිත් කොතලාවල මහත්මයා, සමන් එදිරිමුණි මහත්මයා ධම්මික අලුත්ගෙදර මහත්මයා දිලූක ගුණතිලක මහත්මයා ඇතුළු පිරිසට මම ස්තූති කරනවා මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගැනීම වෙනුවෙන්. මම නර්තනයට ගොඩක් ආදරෙයි. මට මේ නිර්මාණයේ කරන්න තියෙන්නෙත් නර්තන ගුරුවරියකගේ චරිතයක්. ඒ නිසා මට මේ චරිතය හදවතින්ම කරන්න පුළුවන්. මගේ නර්තන හැකියාව මේ නිර්මාණයෙන් පෙන්වන්න ලැබීම ගැන සතුටුයි. මේ චරිතයේ ඉන්නේ මමම තමයි. විහාරයි මමයි සමානයි කියලා මට හිතෙනවා.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20