ලෝකයක් පිස්සු වට්ටපු පුංචි රූහි කියපු පැහිච්ච කතාව


ලෝකයේ රටවල් ගණනාවකම උන්මාදයක් බවට පත් වුන Yeh Hai Mohabbatein ඉන්දීය කතා මාලාව එහෙමත් නැත්නම් ලංකාවේ ඔබට හුරු පුරුදු මේ ආදරයයි නාට්‍යය සාර්ථක වසර 6කින් පස්සේ ඔන්න අවසන් වෙන්න යනවා කියලා දුකෙන් වුනත් කියන්න වෙනවා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම ඉන්න Yeh Hai Mohabbatein ප්‍රේක්ෂකයන්ව දුකට පත් කරන ආරංචියක් කියන එකනම් අමුතු දෙයක් නෙමෙයි. හිතපු නැති වෙලාවක අහන්න ලැබුණු මේ ආරංචියෙන් ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් සෑහෙන්න කණගාටුවට පත්වෙලා ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. කොහොම වුනත් ලංකාවේ විකාශනය වන සිංහල හඬකැවූ කතා මාලාව නම් අවසන් වෙන්න තව ටික කාලයක් ගත වෙනවා වුනත් ඉන්දීය කතා මාලාව නම් මේ වෙද්දී අවසාන වෙලයි තියෙන්නේ. කොහොම වුනත් මේ නාට්‍යයේ අවසන් රූගත කිරීම දවසේ එහි රංගනයෙන් දායකත්වය දෙන රංගන ශිල්පීන් සියල්ල බොහොම හැඟීම්බර වුනා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් කතාව ඉවර වෙන්න යන හින්දම මේ කතාවේ හිටපු ඉෂි අම්මා, රූහි වගේ ප්‍රේක්ෂක හිත්වල නොමියෙන චරිත ගොඩක් තමන්ගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කතා කරන්න මේක හොඳම අවස්ථාව කරගත්තා. ඒ ඒ අය වෙන වෙනම කරපු විඩියෝස් ගොඩක් මේ වෙද්දී අන්තර්ජාලය හරහා හුවමාරු වෙනවා මේ වෙද්දී ඔබ දකින්න ඇති.

ඒ අතරින් මේ කතාවේ ප්‍රධානම චරිතය වුණු රූහි කියන චරිතය වෙනුවෙන් දායකත්වය ලබාදුන් පුංචි දියණිය ඇයගේ ප්‍රේක්ෂකයන්ට ස්තුති කරන වීඩියෝ එක ගැන ඔබත් එක්ක බෙදාගන්න අපි හිතුවේ ඒ තුල ඇය කියන බොහොම වැදගත් කාරනා කිහිපයක්ම නිසයි. පසු කලකදී පීහුගේ චරිතයටත් පන පෙවූ ඇය ඔබ කව්රුත් හොඳින් හඳුනන Ruhaanika cherishe.රූහි කියලා කියන්නේ මම ආසම කැරැක්ටර් එක. මොකද කතාව ඇතුලේ රූහි ඉඳපු දර්ශන ගොඩක් ඒවා ඉෂි අම්මත්, තාත්තත් එක්ක කරන්න තිබුන ඒවා. ඉතින් ගොඩක් වෙලාවට ඒවා හරි සංවේදියි. ඉතින් ඒ හැම වෙලාවකම වගේ මට දැනුනේ මම මගේ ඇත්තම අම්මයි තාත්තයි එක්ක ඉන්නවා වගේ හැඟීමක්. ඉතින් මේ කතාව එක්ක බැඳුනු මතකයන් ගොඩක් මට තියනවා. මොකද මම පුංචිම කාලේ ඉඳලා මේ කතාවට සම්බන්ධ වෙලා හිටියා. පුංචිම කාලේ කතාවට සම්බන්ධ වෙලා අවුරුදු 6ක් දන්නෙම් අනතුව කාලය ගෙවිලා ගිහින්. ඉතින් ඇත්තටම මම ලොකු වුනේ මේ කතාවත් එක්ක කිව්වොත් හරි. ඉතින් හැමෝටම ස්තුතියි මෙච්චර කාලයක් අපිත් එක්ක එකතු වෙලා හිටියට. අපිට ආදරය කලාට. රූහිත් ඔයාලට හැමදාමත් ඒ වගේම ආදරෙයි.


Like it? Share with your friends!

0

ලෝකයක් පිස්සු වට්ටපු පුංචි රූහි කියපු පැහිච්ච කතාව

log in

reset password

Back to
log in