Online Sinhala

Online Sinhala Magazine

2000න් පස්සේ බිහි වුන කීබෝර්ඩ් වීරයන්ට උමරියගෙන් නැවතත් සැර වදනක්

ගායන ක්ෂේත්‍රයේ හැමෝම හඳුනන චරිතයක් හැටියට තමයි උමාරියා අපි හදුනන්නේ. ඉතා විශාල ගීත ප්‍රමාණයකින් රසිකයන් සින් පිනවන්නට හැකියාවක් ඇති ඇය පසුගිය දිනෙක වැඩි කතා බහට ලක් වුන චරිතයක් වුනේ සමාජ මධයේ පැතිර ගිය අසත්‍ය වීඩියෝවක් නිසාවෙනි. ඉතින් අද අපි මේ සුදානම් වෙන්නේ මන්ද පමා වැනි ඉතා ජනප්‍රිය ගීත රාශියක් ගයනා කල උමරියගේ ජිවිතයේ විශේෂ දේවල් ටිකක් හොයලා බලන්න. ජිවිතේ සමහර අවස්ථා වල පොඩි පොඩි කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. කොහොම නමුත් අපි ඒ හැමදේකින්ම ඉදිරියට යන්න සැලසුමක් ඇතිව කටයුතු කරන්න ඕනේ. දෙයක් වුනා කියලා හැංගිලා ඉදල වැඩක් නෑ අපි ඒවාට මුහුණ දෙමින් පෙරටත් වඩා ශක්තිමත්ව ඉදිරියට එන්න ඕනේ කියලා තමයි උමාරියා නම් හිතන්නේ. එහෙම නැතුව ගල් මුල් ගහන අයගේ ගල් මුල් එකතු කර කර කර ඉන්න එකේ තේරුමක් නෑ කියලා තමයි හිතන්නේ.

ඔබට ඔබේ ජීවිතේට අදාලම නොමැති දේකට මුහුණදෙන්න සිදු වුනා කිවොත්, ඒ ගැන මොකද කියන්න තියෙන්නේ. ඒ ගැන කියනවා නම් මන් ඒ කාලේ ඉදන් මගේ පුලේ අයත් එක්ක ඉන්නේ යහළුවෝ වගේ. ඉතා ශක්තිමත් බැඳීමක් තියාගෙන තමයි අපි ඉන්නේ. මගේ යාළුවොත් එහෙම තමයි. මන් මේ ක්ෂේත්‍රයට ආ දවසේ ඉදන් මගේ ප්‍රේක්ෂකයොත් මන් එන්න හැම මොහොතේම හිටියා. ඉතින් මම කවුද මම මොන වගේද කියල ඒ හැමෝම දන්නවා. මට ඒ වගේ පිසරයක් තිබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක මට ලොකු ශක්තියක්. මන් මේ වගේ මොන තරම් කටුක දේවල් වලට මුහුණ දුන්නත් මට මේ වගේ ආදරේ කරන පිරිසක් ඉන්නවා කියල දැනෙන්ද්දී හිතට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. කොහොම නමුත් මම මගේ වෘත්තිය සංගීතය වුනාට මම හැම වෙලේම හිතන්නේ සතුට ගැන තමයි. මගේ ජීවිතේට මොන ප්‍රශ්න අවත මම කැමති හිත හදාගෙන සතුටින් ඉන්න. සතුටෙන් තමයි කවද හරි මම මැරෙන්නත් ඕනේ කියල තමයි මම හිතන්නේ.

ලංකාවේ සමාජ මාධ්‍ය ගැන මොකද කියන්න තියන්නේ. ඒකට කියන්න තියෙන්නේ මේ පොඩි කාලයක් ඇතුලත කීබෝර්ඩ් වීරයෝ ටිකක් ආවා කියලා තමයි. සමාජ මාධ්‍ය භාවිතයේදී හොද නරක දෙකක් කියල දෙයක් තියනවානේ. මම නම් දකින්නේ ඕනෑම කෙනෙකුගේ පුද්ගලික ජිවිතේ විස්තර සමාජ මාධ්‍යට දමනවා කියන්නේ කීබෝඩ් වීරයන්ට විවේචන වලට හොද අවස්ථාවක්. කෙලින්ම කියනවා නම් අපිට මඩ ගහන්න බලාගෙන තමයි ඉන්නේ. අපේ රටේ ඕනෑම දෙයක් පිළිබඳව විවේචන ඕනවට වඩා වැඩියි. මොන දෙයක් කලත් එහෙමයි. අපේ රටේ කොටින්ම කියනවා නම් සමාජ මාධ්‍ය තවම තියෙන්නේ ප්‍රථමික මට්ටමේ. එහෙම වෙලා තියෙන්නේ නම් මම හිතන්නේ මේ 2000 පස්සේ බිහි වුනු තරුණ පිරිස නිසා කියල තමයි මට හිතෙන්නේ. එයාලා තවම පොඩියි. ජිවිතේ අත්දැකීම් අඩුයි. ජිවිතේ පොඩි වින්දනයක් ගන්න පහත මට්ටමින් තමයි හිතන්නේ.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11