Online Sinhala

Online Sinhala Magazine

නත්තලට පාසල් යන්න සිසුවියක් කොන්ඩෙන් නත්තල් ගහක් හදලා

නත්තල ළඟ ළඟම එන මේ දවස්වල හැම තැනින්ම අහන්න ලැබෙන්නේ නත්තල් කතා. මුළු ලෝකයම නැත්ටහලට සූදානම් වෙන මේ වෙලාවේ විදෙස් මාධ්‍ය වාර්තා කරපු ටිකක් අමුතු නත්තල් කතාවක් ගැන තමයි දැන් කියන්න හදන්නේ. නත්තල එක්ක සම්බන්ධ වුන ගොඩක් කතා බොහොම අපූරු ඒවා වුනත් මේක නම් ඊට වඩා වෙනස් විදිහේ හැඟීමක් ඔබට අරගෙන එන එකක් බව තමයි අපේ අදහස. විදෙස් රටක පාසල් සිසුවියක් පහුගිය දවසක තමන්ගේ කොණ්ඩයට නත්තල් ගහක ආකෘතියකින් යුතු වෙනස්ම කොන්ඩ විලාසිතාවක් කරලා තියනවා. ඒ විතරක් නෙමෙයි නත්තලට හැම තැනම දකින්න ලැබෙන විශේෂයෙන්ම නත්තල් ගස් සරසන්න යොදාගන්න අර පුංචි පුංචි විදුලි බල්බ වැලක් එහෙම දාලා මේක ඇත්තම නත්තල් ගහක ආකෘතියක් බවට පත් කරන්න ඇය උත්සහ අරගෙන තියනවා.

මේ අපූරු කොන්ඩ විලාසිතාවෙන් ඇය තමන්ගේ පාසලටත් ගිහින් තියනව කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හැබැයි හිතපු තරම් හොඳ ප්‍රතිචාරයක්නම් පාසලෙන් ඇයගේ අලුත්ම අලුත් කොන්ඩ විලාසිතාවට ලැබිලා නෑ. මේ අපූරු නිර්මාණයට ගලවා ඉවත් කරන ලෙස තමයි ඇයට පාසලෙන් දන්වලා තියෙන්නේ. එහෙම නැත්නම් පාසලෙන් පිටව යන්න කියලත් ඔන්න ටිකක් තදින් කියලා තියනවා. අවුරුදු 13 වුන 8 වන ශ්‍රේණියේ ඉගනුම ලබන මේ Poppy Leigh මේ විලාසිතාව නිසා ටිකක් අසාමාන්‍ය පෙනුමක් ලබලා තියනවා කියලා තමයි ඇයගේ පාසලේ බලධාරීන් පවසන්නේ. කොහොම වුනත් ලොකු හිස් වතුර බෝතලයක් උපයෝගී කරගනිමින් ඒ වටා කොණ්ඩය ඔතා නිර්මාණය කර තිබුණු මේ කොන්ඩ විලාසිතාව පාසලට නොගැලපෙන එකක් කියලා තමයි ඔවුන් පවසලා තියෙන්නේ.

කොහොම වුනත් අවසානයේ මේ විලාසිතාව පාසලට ගැලපෙන්නේ නෑ කියලා පිළිගත්තා මේ සිසුවිය ඒක දින කිහිපයකින් ගලවන්න පොරොන්දු වුනා කියලා තමයි ඇයගේ මව කියන්නේ. එය ඉතා විනෝදජනක විලාසිතාවක් වගේම නත්තල් උද්යෝගයෙන් ඉන්නේ මේ කාලයේ එය තව සතුටත් තමන්ගේ දියණිය තුල ඇති කරන්න සමත් වුන නිසා ඒ සමගම පාසලට යන්න තමන් අවසර දුන්නා කියලත් ඇයගේ මව කියනවා.