Online Sinhala

Online Sinhala Magazine

නිලියක් නොමැති ලංකාවේ පලවෙනි සිනමා නිර්මාණය

ලංකාවේ හැමෝටම දකින්න ලැබෙන වෙනස්ම අත්දැකීමක් ගැන තමයි මේ කියන්න සුදානම් වෙන්නේ. සිනමාව තුල අද වෙද්දී ලංකාව තුලත් බොහිවන නිර්මාණ නම් ඇති විශිෂ්ඨයි කියලා කියන්න පුළුවන් තරම් ඇත්තටම ලස්සන නිර්මාණ බෝහි වෙනවා. ඒ අතර නිර්මාණය වූ ඉතා අපුරු කතාවක් පිටුපස ගෙතුන ලස්සන නිර්මාණයක් තමයි මරියා කියන්නේ. ඇත්තටම කවුද මේ මරියා කියන්නේ. අද අපි සුදානම්  වෙන්නේ අන්න ඒ ප්‍රශ්නයට ඔයාට උත්තර දෙන්නයි. අරුණ ජයවර්ධන මහතා අතින් අධ්‍යක්ෂයන වන අපුරු කතාවක්. මේ නිර්මාණයට පාදක වෙන්නේ මිට වසර දෙකක විතර කාලයක් පෙර ඉන්දුනීසියාවේ සිදු වූ සිදුවීම සම්බන්දයෙන් තමයි ගොඩ නැගෙන්නේ. මුහුදේ පාවෙමින් තිබු බෝනික්කෙක් දෙවිකෙනෙක් හැටියට වන්දනා මාන කිරීමක් හා සම්බන්දයි. මරියා කියලා චරිතයක් සිටියට ඒ ඇවිල්ල නිශ්චල චරිතයක්. මහේන්ද්‍ර පෙරේරා තමයි බෝට්ටුවේ නායකයා, බෝට්ටුවේ ස්කිපර් තමයි ඇන්තනි ඒ චරිතයට පන දෙන්නේ හේමාල්. තවත් චරිත ගොඩක් එකතුවෙලා තමයි මේ නිර්මාණය බිහි වෙන්නේ.

මේ වගේ සිනමාවක් තුලට කල ක්ෂේත්‍රයේ විශේෂ අය ගන්න මට තිබුන විශේෂ හේතුවක් මොකද කියනවා නම් මේ කතාවට අනුව ඇන්තනි කියන චරිතයට පන දෙන්නේ හේමාල්.මට ඕනේ වුනේ ඇන්තනි කිවම හේමාල් කියන චරිතය මතක්වෙන තැනට මේ චරිතයේ උපරිමය ගන්න. ඒ දේ හරියටම වුනා කියල විශ්වස කරනවා. දින කිහිපයක් ම,උහුදේ රූගත කිරීම් සිදුකරන්න සිදුවෙනවා. දින 15ක් වගේ කාලයක්. හරියටම ගැලපෙන චරිත අපි තෝරගන ඕනේ ඒ නිසයි. මේ කලයේ සිනමාවට ටිකක් විතර මිනිස්සු ඇදෙනවා අඩුයි වගේ තමයි හැබැයි හැබැයි අපි අයෙත් සිනම්වට මිනිස්සු ඇදගන්න අලුත් දෙයක් කරන්න ඕනේ. මම මේ චිත්‍රපටයේ පළමු පෝස්ටර් එක එළිදැක්වීමත් එක්කම ලොකු කතාබහක් ඇති වුණා. හැමෝම හිතුවේ අපි මේ චිත්‍රපටය හදලා ඉවරයි පෙන්වන්න හදන්නේ කියලා. ඒ නිසා අපි අපේ පළමු අදියර ජයගෙන ඉවරයි. තවත් අලුත් නිර්මණ රැසක් මේ රටේ පවතින තත්වය මත ටිකක් විතර නැවතිලා වගේ තියෙන්නේ. මේ වසරේ අලුත් නිර්මාණ තවත් රාශියක් එලියට එන්න සුදානම්.