අවුරුදු දහයක්ම ක්ෂේත්‍රයේ රැඳෙන්න ලේසි නෑ


සංගීත ලෝලීන් අතරේ ඉතා ජනප්‍රිය වුණු ගීතයක් තමයි ‘මීවිත පිරුණා’ ගීතය. මෙම ගීතය ගායනා කරන්නේ දිනේෂ් තරංගයි. දිනේෂ්ගේ සංගීත ගමන ඉතා හෙමින් සිදුවුණත් ඔහු ක්ෂේත්‍රයට එකතු කර තිබෙන නිර්මාණ එකිනෙකට වෙනස්. මේ දිනවල දිනේෂ් අළුත් මුහුණුවරකින් රසිකයන් අතරට ඇවිත් තිබෙනවා. ඒ රංග ශිල්පියෙක් විදිහටයි. දිනේෂ්ගේ අළුත්ම වැඩකටයුතු ගැන දැනගන්න අපි දිනේෂ්ව සාරවිට කතාබහට සම්බන්ධ කරගත්තා.1. මේ දවස්වල වැඩකටයුතු කොහොමද?  සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට මගේ ගිටාර් පන්තියත් කරනවා. අළුත් නිර්මාණ කිහිපයක්ම කරා. එතකොට මම රංගනයෙන් එකතු වන පලමු ටෙලි නාට්‍ය කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍යයෙත් වැඩ කටයුතු කරගෙන යනවා. 2. අපි අතීතය පොඩ්ඩක් මතක් කරමු, පාසල් කාලේ ඉඳලාම සංගීතයද කළේ?  මුල් කාලේදී චිත්‍ර කරා. මගේ පියා මූර්ති ශිල්පියෙක් නිසා ඒ පැත්තට පාසල් කාලයේදී නැඹුරුවක් තිබුණා. පාසලේ තිබුණු තරඟවලට බෙර ගහන්න එහෙම ගියා. නවය වසරේදී වගේ තමයි සංගීතයට හැරවුණේ. මගේ සංගීත ගුරුවරිය මට පාසලේ සංගීත කටයුතුවලට ලොකු සහයෝගයක් දීලා තියෙනවා.3. අළුතෙන් එන ගීත මොනවාද?  ළඟදි එළියට එනවා මමයි උදාරි කෞෂල්‍යායි ගායනා කරන ගීතයක්. ඒකේ තනුව සහ සංගීතය හැදුවෙත් මමයි. පණ්ඩුක සමරකෝන් තමයි ඒ පද රචනාව කළේ.

4.වර්තමානයේ රියැලිටි තරඟාවලි හරහා ක්ෂේත්‍රයට එන අය රැඳෙන්නේ නැත්තේ ඇයි? ඒකට ප්‍රෝගෑම් එකේ වැරැද්දක් කියලා කියන්න බැහැ. මොකද රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකින් කරන්නේ හැංගිලා ඉන්න දක්ෂයෙක්ව ඉස්සරහට ගේන එක විතරයි. ඊටපස්සේ එයා තමයි තීරණය කරන්න ඕනේ මම කොහොමද ඉස්සරහට යන්නේ, තැන හදාගන්නේ කියලා. මීඩියා එකෙන් අපිට අරන් දෙන ජනප්‍රියත්වය තියාගෙන ඉස්සරහට යන්න අපි දැනගන්න ඕනේ. දෙවියන්ගෙන් විභාග පාස් කරලා දෙන්න කියලා බාර වුණාට වැඩක් නැහැ පාඩම් කරන්නේ නැතුව. රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් නාලිකාවකින් කරනවා කියන එක ඇත්තටම ලොකු දෙයක්. මොකද දක්ෂතා තියෙන, ඒත් නිර්මාණයක් කරලා එළියට දාගන්න බැරි අයට ඒක හොඳ පදනමක්.5. රියැලිටි වැඩසටහන් වලින් දිනන හැමෝම දක්ෂයෝද?   ඔව්. ඒක සීයට සීයක් වගකීමෙන් කියන්නේ. නමුත් දක්ෂතා තියෙන අය අවසන් වටවලදි ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසා ඔවුන්ගේ උපරිම දක්ෂතාවය එළියට දාන්නේ නැහැ. බොහෝ වෙලාවට ජනප්‍රිය වැඩි වුණාම ඒ මත්තෙන් දිනන්න උත්සාහ කරනවා මිසක් ප්‍රැක්ටිස් කරන්න වෙලාව හදාගන්නවා අඩුයි. එහෙම වුණාම ඔවුන්ගේ දක්ෂතාවය හීන වෙනවා. රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකින් එළියට ගේන්නේ දක්ෂකයෙක්ම තමයි. මොකද ඔවුන්ව තෝරන්නේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින් සහ රටේ මහජනතාවයි.

6.ක්ෂේත්‍රයේ මේ ගෙවුණු දශකය තුළ ඔබ සාර්ථකද? මෙහෙමයි. අවුරුදු දහයක්ම ක්ෂේත්‍රයේ රැඳෙනවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ කාලේදී මම ඉතාම හෙමින් ගමනක් තමයි ආවේ. මම ගොඩක් ගීත නිර්මාණය කරලා තිබුණාට මම එළිදක්වලා තියෙන්නේ, මගේ ජනප්‍රිය වෙලා තියෙන්නේ ගීත පහක් හයක් වගේ ප්‍රමාණයක්. මම සෝඩා බෝතලයක් වෙන්නේ නැතිවුණු එක ගැන මට සතුටුයි. ඇත්තටම මේ ආපු ගමන සාර්ථකයි.7. අද සංගීත ක්ෂේත්‍රය අන්තර්ජාලයට සම්බන්ධ වීම ඔබ දකින්නේ කොහොමද?  ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. හැම ආර්ටිස්ට් කෙනෙක්ම අද යාවත්කාලීන වෙලා ඉන්නේ. හැමෝම දන්නවා යූ ටියුබ් එක හරහා තමන්ගේ නිර්මාණයන් ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසකට ලබා දෙන්න පුළුවන් කියලා. ඇත්තටම යූ ටියුබ් එකට මියුසික් එනවා කියන්නේ හොඳ ප්‍රවණතාවයක්. ලංකාවට යූ ටියුබ් අළුත් වුණාට අනෙක් රටවල්වලට ඒක අළුත් නැහැ. ජස්ටින් බීබර්ලා වගේ අයත් යූ ටියුබ් එකේ ඔවුන්ගේ බොහෝ නිර්මාණ එළිදක්වා තිබෙනවා. 8. අද ෆීල්ඩ් එකේ හැදෙන්න ඕනේ මොනවාද  ඇත්තටම පහුගිය කාලේ ලොකු රැල්ලක් බිහි වුණා. එක ශෛලියකින් කවුරුහරි වැඩක් කළොත් ඒක පස්සේම බොහෝ දෙනෙක් ගියා. වැල යන පැත්තට මැස්ස ගහපු අය තමයි ගොඩක්ම ඉන්නේ. ඒ ප්‍රවණතාවය ටිකක් අඩු වෙලා හැමෝම වෙනස් වෙනස් විදිහේ වැඩ කරන්න පටන් ගත්තා නම් ඇත්තටම හොඳයි. දැන් ගොඩක් අළුත් අය වෙනස් වෙනස් පරාසයන්වල වෙනස් වෙනස් නිර්මාණ කරන්න උත්සාහ කරනවා. ඇත්තටම ඒක ක්ෂේත්‍රයට හොඳයි.

9. 2020 වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?  මගේ බෑන්ඩ් එකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වැඩකටයුතු දිගටම කරනවා. එතකොට ලොකු අවධානයක් ලබාදෙනවා මගේ රංගන වැඩකටයුතුවලට. ඒ පැත්තෙන් මතු වෙන්නත් ආසාවක් තියෙනවා. 10. විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?  ඔව්. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මාව සහ තාත්තාව. ඊටපස්සේ මගේ බිරිඳට මම මතක් කරනවා. ඒ වගේම නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් මට උදව් කරලා තියෙනවා. ඒ හැමෝවම මතක් කරනවා


Like it? Share with your friends!

0

අවුරුදු දහයක්ම ක්ෂේත්‍රයේ රැඳෙන්න ලේසි නෑ

log in

reset password

Back to
log in