මිනිසුන් වගේම පීඩනයෙන් සහ වේදනාවෙන් සිටින විට ශබ්ද නගන ශාක


විද්‍යාත්මක වශයෙන් ගත් කළ සෑම ශාකයකම ජීවයක් පවතිනවා. කිසියම් වේදනාවක් දැනෙන විට මේ ශාක යම්කිසි වේදනාවක් දැනෙන විට සහ පීඩාකාරී අවස්ථා වලදී ශබ්දයන් පිට කරන බව ඊශ්‍රායලයේ Tel Aviv විශ්වවිද්‍යාලයේ Itzhak Khai සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් මේ ශබ්ද මිනිස් කණැට නොඇසෙන තරම් උස් හඬ පරාසයක් සහිත වනවා. මීයන් සහ වවුලන්ට ශාක පිට කරන මෙම ශබ්ද ශ්‍රවණය කළ හැකි බව අනාවරනය වී තිබෙනවා. පර්‍යේෂණය සඳහා යොදා ගත් තක්කාලි සහ දුම් කොළ ශාක වලට අඟල් හතරක් ආසන්නයෙන් අතිධ්වනික සංඛ්‍යාත ග්‍රහණය කළ හැකි මයික්‍රෆෝන සවි කොට ජල සැපයුම අඩාල කරමින් හා කැපීම් වලට ලක් කරමින් අධ්‍යයනයන් සිදු කර තිබෙනවා. පීඩාකරී තත්වයන් වලදී මේ ශාක 20KHz – 150KHz පරාසයක ශබ්දයන් පිට කර තිබෙනවා. එම ශබ්ද අනුසාරයෙන් අදාල ශාක කැපුම් වලට ලක් වනවාද, ජල හිඟයකින් පීඩාවට පත් වනවාද වශයෙන් වර්ග කරන්නට පර්‍යේෂකයන් සමත් වී තිබෙනවා. දුම්කොළ ශාකය පැයක් ඇතුලත ශබ්ද 15ක් ද තක්කාලි ශාකය පැයකදී ශබ්ද 25ක්ද පිට කළ බව පර්‍යේෂණ වාර්තා වල දැක්වෙනවා. ශාක වේදනාවෙන් පසුවන විට ශාකයේ අභ්‍යන්තර නාළ හරහා ගමන් කරන ජලයේ ඇති වායු බුබුළු පිපිරීමෙන් ඇති වන දෙදරීම නිසා මේ ශබ්ද ඇති වන බව පර්‍යේෂණයෙන් අනාවරනය වුනා. මේ ශබ්ද ඇතැම් ජීවීන්ට මීටර් කීපයක පරාසයක් තුළ ශ්‍රවණය කළ හැකි බව දැක්වෙනවා.


Like it? Share with your friends!

0

මිනිසුන් වගේම පීඩනයෙන් සහ වේදනාවෙන් සිටින විට ශබ්ද නගන ශාක

log in

reset password

Back to
log in