Online Sinhala

Online Sinhala Magazine

කාන්තාවන්ට තනිව සංචාරය කළ හැකි රටවල් 6 අතරට ලංකාවත්

ආසියාතික රටවල අතරින් තනිව සංචාරය කරන කාන්තාවන්ට යාමට සුදුසුම රටවල් 6 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වන බව ප්‍රධාන පෙළේ සංචාරක වෙබ් අඩවියක් වන lonelyplanet වෙබ් අඩවිය වාර්තා කරනවා. අදාල වාර්තා ලිපියේ සම්පාදකයා සඳහන් කරන ආකාරයට බොහෝ පිරිස් මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පැමිණීමට අදිමදි කළත් ශ්‍රී ලංකාවට සහය දිය යුතු හොඳම අවස්ථාව මෙය බව පෙන්වා දෙනවා. සංචාරක කර්මාන්තය යම් පමණකට බිඳ වැටී තිබුණත් මෙරට ජනතාවගේ සුහදශීලීතවයේ අඩුවක් වී නැති බවයි රචිකාව පවසන්නේ. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ ගැන විශේෂයෙන් සඳහන් කරන එම වාර්තාව විදේශිකයන්ගේ නිබඳ ආකර්ෂණය දිනා ගන්නා ඇල්ල ප්‍රදේශය ඕනෑම අයෙක් අනිවාර්‍යයෙන් පැමිණිය යුතු ගමනාන්තයක් බව පෙන්වා දෙන්නේ. lonelyplanet අඩවිය වාර්තා කරන ආකාරයට කාන්තාවකට තනිව යා හැකි අනෙකුත් ආසියාතික රටවල් අතරට සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනීසියාව, ජපානය, තුර්කිය, ඇතුලත් වන අතර දකුණු කොරියාව එම ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවනවා. ඔවුන්ගේ පෙළගැස්වීම් අනුව ශ්‍රී ලංකාවට දෙවන තැන හිමි වී තිබෙනවා.