ජිවත් වෙනවා කියලා දැනෙන්න නම්. මේ පුංචි කතාව නම් කියවන්නම ඕනේ


මම කල්කටාවට පැමිණියේ දුම්රියෙනි. දීර්ඝ ගමනේ වෙහෙස නිසා ම දුම්රිය ගමන තුළ මා වැඩිපුර ම සිටියේ නිදාගෙන ය. අතරමග දුම්රිය ස්ථානවල දුම්රිය නතර කළ විට මා අවදි වූයේ අතොරක් නොමැතිව නැගෙන්නට වූ ඝෝෂාව නිසාවෙනි. ඇත්තෙන්ම ඉන්දියාවට පැමිණි පළමු දවසේදී ම මට ඉන්දියාව එපා විය. “මිනිස්සු විඳවන කර්මවල නියම විදිහ බලන්න නම් ඉන්දියාවට ම යන්නෝන.” යි කියා කස්තුරි කියූ කතාව කොතෙක් දුරට සත්‍යයක් දැයි මම ඇස් හැරගෙන සිටි අවස්ථාවලදී දුටු දසුන්වලින් ම තේරුම් ගතිමි. වයස් භේදයකින් තොර යාචකයන්, නපුංසක යැයි සිතිය හැකි මිනිසුන්, නිවටයින්, කෛරාටිකයින් බැලූ බැලූ හැම තැන ම දකින්නට ලැබේ. මගේ සිත වඩාත් සංවේදී කළේ ඔවුනටත් වඩා විවිධ හැඩතල මතු කළ මිනිස් රූප විසිනි. අසාමාන්‍ය ස්වභාවයෙන් යුතු ඔවුන් දකිද්දී කර්මය දායාද කොට ගත් සත්වයන්ගේ සසර ගමනේ බියකරු චිත‍්‍රයක් පහසුවෙන් ම දැකිය හැකි නොවේදැයි මට සිතිණි. අප ටෙලිනාට්‍යවල, චිත‍්‍රපටිවල දකින ඉන්දියාවට වඩා සැබෑ ඉන්දියාව කොයිතරම් වෙනස් ද යන්න මා ඉක්මනින් ම තේරුම්ගත් කරුණක් විය. “ජනගහනය වැඩි නිසා ම මේ වෙනස්කම් විශාල ව පෙන්වනව නෙවෙයි සාලිය. පොදුවේ ගත්තම අපි හැමෝම පෙර කරුම විඳවන එක ඇත්ත. නමුත් ඉන්දියාව ගත්තම හිතාගන්න අමාරු තරම් දේවල් අහන්න දකින්න ලැබෙනවා.”

ගැහෙන්න. ඔයා උවමනාව පැහැදිලිව කියන්න. මමත් කියලයි තියෙන්නේ. ඩොක්ටර් ඔයාට අවශ්‍ය හැම උදව්වක් ම කරල දෙයි. දෙකක් මතක තියාගන්න… එකක් කිසිම දෙයක් පිටින් අරගෙන කන්න එපා. අනෙක හිඟන්නන්ට මොකුත් දෙන්න එපා.” යි කස්තුරි අවසන් වරට මට කීවේ ය. මග දිගට යාචකයන්ව මුණගැසුනි. මගේ ආගන්තුක බව හැඳිනගත් නිසාදෝ ඇතැමෙක් මගේ දෙපා සිඹිමින් යදින්නට විය. ඇත්තෙන්ම මට ඔවුනට දීමට මුදල් තිබුණි. දෙන්නට සිතක් ද තිබුණි. මා එයින් වැළකුවේ කස්තුරි ද? නැත. ඔවුන්ගේ කර්මය ම නොවන්නේ ද? කස්තුරි මට ලබා දුන් ආචාර්ය ජගදීශ් විසින් කරන ලද මෝහන පරීක්ෂණයක විස්තරයක් ඒ හැම අවස්ථාවකදී ම මට සිහි වේ. ඒ අවාසනාවන්ත මිනිසාව අංගවිකල යාචකයෙක් කර තිබුණේ පෙර ජාතියක ඔහු විසින් කරන ලද අකුසල කර්ම විසිනි. “මං ඒ කාලේ අපේ වීදියේ පිණ්ඩපාතේ ගිය සිල්වත් ගුණවත් පැවිද්දන්ගේ සිව්පස ලාභයට හානි කෙරුවා. දන් දෙන්න හදපු මිනිස්සුන්ව එක එක කරුණු කියල දානෙන් වැළැක්කුවා. පැවිද්දන්ට කරන්න පුළුවන් හැම හිරිහැරයක් ම කෙරුවා.” යි ඔහු විසින් මෝහන නිද්‍රාවේ දී ප‍්‍රකාශ කර තිබුණි.

හාමුදුරුවන්ට දානෙ දෙනවට වඩා හොඳයි අනාථ ළමා නිවාසෙකට, හරි වැඩිහිටි නිවාසයකට හරි දෙනවා.” යි කියා අදටත් අපේ රටේ මිනිසුන් කියන කථා මම ඕනෑතරම් අසා ඇත්තෙමි. ඔවුන්ගේ කර්මය ද විපාකය ද මොවුනට වඩා වෙනස් නොවෙතැයි මට සිතේ. නිධානයකින් ගත් රත්තරං බුදු පිළිමය හිසෙන් වෙන්කොට අන්‍යාගමිකයෙකුට විකුණූ අපේ ගමේ රාජාගේ බෙල්ල කැපූවෙකු අදටත් සොයා ගත නොහැකි වී ඇත. ඒ තබා බෝධිපූජාව හමාරකොට යන අතර දී පන්සලේ මල් අත්තක් කඩාගෙන ගොස් කැබලිකර සිටුවීමට කපද්දී අතේ ඇඟිලි තුනක් හරි මැදින් වෙන් වී ගියේ අපේ ගමේ ම මල්කාන්තිගේ ය. රාජා බුදු පිළිමය කඩා විකුණූ නිසා ඔහුට ‘බුදුරාජා’ යැයි නමක් ද පටබැඳුනි. අදටත් ඔහු ගැන කථා වෙතොත් හඳුන්වන්නේ ‘බුදුරාජා’ වශයෙනි. නිගා පිණිස වේවා අසත්පුරුෂ අධමයෙකුට බුදුරාජා යැයි භාවිත කරන්නෝ ද බලවත් අකුසල කර්මයක් රැස්කර නොගන්නේ ද? මා දුම්රියෙන් බසිත් ම මාව වටකර ගත් කිහිප දෙනෙක් මගේ ගමන් බෑගය උදුරාගන්නට උත්සාහ කළහ. පළමුව මට සිතුණේ ඔවුන් සොරුන්, මංකොල්ලකරුවන් කියා ය. “සර් මගේ වාහනේ හොඳයි. ඕන දුරකට ඕන තැනකට යන්න පුළුවන්” යි හැම එකෙක් ම කියද්දී ඔවුන් කුලීරථ රියදුරන් බව මම තේරුම් ගතිමි. තුන් හතර දෙනෙකු අතරින් කවරෙකු තෝරා ගනිම්දැයි සිතාගත නොහැකි වූ මම තදින් අල්ලා සිටි මගේ ගමන් බෑගය අත්හළෙමි. ග‍්‍රහණය ලිහිල් වෙද්දී ම හයිය හත්තිය ඇති එකා බෑගය සියතට ගත්තේ ය.

යමු සර්.” ඔහුට හදිස්සි ය. “යමු සර් මම දන්නව තැන.” ඔහු ආයෙ ම කීය. ඇත්තටම මම මෙතෙක් ලිපිනය කියනවා තබා එක වචනයක් හෝ කථා කර නොතිබුණෙමි. “අදට ආයෙත් මෙහේ එන්න එපා…”යි තවත් කුලීරථ රියදුරෙකු ඔහුට තර්ජනය කළේ ය. මම ඉක්මනින් කමිස සාක්කුවේ දමා සිටි ලිපිනය ගෙන මගේ රියදුරා අත තැබුවෙමි. “ලොකු හයර් එකක් නෙවෙයි. මම ආයෙත් එනවා.” ඔහු කීවේ මගේ ගමන් බෑගය ඔසවා ගනිමිනි. මම ඉක්මන් කොට ඔහු පසුපසින් වැටුණේ ඔවුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වෙතැයි සිතූ නිසාවෙනි. එදා වේල සොයාගන්නට ඇතැමෙකුට යුද කරන්නට, තවෙකෙකුට ගුටිබැට ඇණගන්නට සිදු වී තිබේ. “සර්ට හින්දි පුළුවන් ද?” වාහනයට නගිමින් රියදුරා ඇසුවේ ය. සිනාසුන මම පුළුවන් බව හඟවමින් හිස සැලීමි. “කොහොමද?” “චිත‍්‍රපටි බලල ම.” මා කීවේ බොරුවකි. මම භාෂාවක් වශයෙන් හින්දි හදාරා ඇත්තෙමි. “කොච්චර දෙයක් ද… අපි යන ගමන් කථා කරන්න පුළුවනි. මගේ කනට ලේසියෙන් හොඳ වචනයක් ඇහෙන්නේ නැති තරම්.” ඔහු කීවේ ඇත්තක් දැයි කපටිකමට දැයි මම නොදනිමි. “මාව රවටලා දුර පාරවල්වලින් අරගෙන යන්න හදන්නෙපා. මම මැප් එක දාගෙනයි යන්නේ.” යි මම කීවේ ඔහු මාව කථාවට අල්ලාගෙන පරංගියාව කෝට්ටේ අරන් ගිය ලෙසට මාවත් රස්තියාදු කොට වැඩි මුදලක් ගැනීමට කටයුතු කරාවි ය යනුවෙන් සැක කළ නිසාවෙනි. කොළඹ දී මම ඕනෑ තරම් මේ අත්දැකීමට මුහුණ දී ඇත්තෙමි. “අනේ සර් මම කෙලින් මිනිහ.” ඔහු වාහනයේ වේගය බාල කරමින් කීවේ ය. මම හිස සැලීමි. “මට කසාද බඳින්න තීන්දු කෙරුවේ අවුරුදු පහේදි. එයාට එතකොට අවුරුදු තුනයි. එයාට අවුරුදු දාහතර වෙද්දි ඇස් දෙක ම අන්ධ වුණා. ඇමෝනියම් වැටිල. සර් මගේ කථාව අහගෙන නෙමෙයි ද ඉන්නේ?” මම ඔහුව කථාවට උනන්දු නොකළ නිසා ඔහු මගෙන් ඇසුවේ ය.

මං අහගෙන ඉන්නේ. කියන්න.” “සර්ට කියන්න මං අර අන්ධ කෙල්ලව කසාද බැන්දා.” මම සිනහව නතර කර ගත්තේ ආයාසයෙනි. “මට ඕන නම් නොබැඳ ඉන්නත් තිබුණා. ඒත් මම බැන්ද.” “තමුසේ මාර කරුමයක් නෙ කරගහල තියෙන්නේ.” මම කීවේ සිනාසෙමිනි. ඔහු තුළ ද සතුටක් ඉපදී ඇත. මට පුදුම සිතුණි. “මං දවසක් හිමාලයෙන් ආව ස්වාමි කෙනෙකුට කථාව කිව්ව. ස්වාමි ඇස් දෙක වහගෙන ඉඳල ටික වෙලාවකින් විස්තරේ කිව්ව. බලන් හිටිය වගේ.” “මොකක්ද කිව්වේ?” මම ඇසුවේ ඔහුගේ කථාව විශ්වාස කරගෙන ම නොවේ. “කලින් ජීවිතේ ආරාමයක් බලාගත්තේ මම. එයත් එතන වැඩ කළා. ආරාමෙ හදන්න කියලා එයා මිනිසුන්ගෙන් එකතු කර ගත් සල්ලි ටික කොහොම හරි යටිමඩි ගහගත්ත. මේවා දැන දැනත් මං ඇස් කන් පියාගෙන හිටියා, එයාගෙ රූපෙට වශී වෙලා. සර් කොහොමද කරුමේ ආව හැටි… සර්ට මම ඇත්ත ම කියන්නම්. මේ පාර නම් ඇති ලස්සනක් නැහැ. ඒත් මම කැමති වුණා කියන්නකො.” “ඔතනින් හරවල නවත්වන්න.” මම ඔහුගේ කථාවට බාධා කරමින් කීවේ නියමිත ස්ථානයට පැමිණි බව මාගේ ජංගම දුරකථනයෙහි පෙන්නුම් කළ නිසාවෙනි. “සර් තැන හරිනේ. රුපියල් දෙසීයක් දෙන්න.” ගමන් මල්ල දෙමින් ඔහු කීය. ගාස්තුව වැඩි බව මම දනිමි. මම රුපියල් දෙසීයක් දුන්නේ ඔහු කර ගසා ඇති කරුමය සිහිකරමිනි. ලෙඩ ගැහැනුන්ව, ලෙඩ මිනිසුන්ව කසාද බැඳගෙන මේ ලෝකේ මිනිසුන් ගෙවනු ඇත්තේ පෙර ජාතිවල දෙදෙනා එකතුව කරනා ලද එවැනි කර්ම විය යුතු යැයි මට සිතුණි. මම ආචාර්ය ජගදීශ්ගේ කාර්යාල ගොඩනැගිල්ලට ඇතුල් වුණෙමි.

මහත්තයා ඇයි?” කෙසඟ තරුණයෙකු පැමිණ මගෙන් විමසීය. “මම PHD එකට කර්ම විපාක පිළිබඳ නිබන්ධනයක් ලියනවා. මම ඩොක්ටර්ව මුණගැහෙන්න ආවේ ඒකෙ වැඩ වගයකට. මම කථා කරලයි ආවේ.” මම ආයෙම ඔහුට ප‍්‍රශ්න කිරීමට ඉඩ නොතබමින් කීවෙමි. මට ඉඳගන්නට අසුනක් පෙන්වූ තරුණයා කාර්යාලය ඇතුළට ගියේය. මම හිඳගතිමි. මිනිත්තු කිහිපයක දී අපගේ හමුවීම සිදු විය. ඉතා සුහදශීලී උගතෙකු වූ ආචාර්යවරයා විවිධ ක්‍ෂේත‍්‍රවල ඉතා අවාසනාවන්ත ජීවිත ගෙවන්නවුන් පිළිබඳ කරන ලද පරීක්‍ෂණවල විශාල වාර්තා ගොනු කිහිපයක් මා ඉදිරියේ තැබීය.
මට සිහි වූයේ අතරමගදී රියදුරා කී කථාවකි. “අයියෝ සර් කරුම විපාක ගැන එක පොතක් ලියන්න ද මෙහෙ ආවේ? දාහක් වුණත් සර්ට ලියන්න පුළුවන් අවුරුද්දක් ඉන්දියාවේ හිටියොත්.” මම ලිපිගොනු එකින් එක දිගහැර බැලු‍වෙමි. “මම මුලින්ම මේක බලල ඉන්නම්.” ළමා නිවාසයක් ආශ‍්‍රිතව කරන ලද පරීක්‍ෂණ වාර්තා සහිත ලිපි ගොනුවක් තෝරා ගනිමින් මම කීවෙමි. “නෑ, මුලින් ම මේක කියවල බලන්න. මේකේ එකිනෙකට වෙනස් සිදුවීම්, අත්දැකීම් තියෙන්නෙ.” ආචාර්යවරයා සින්දපූර් නමින් යුතු වූ ලිපිගොනුවක් මා අතට දෙමින් කීවේය. “සින්දපූර්” මට කියවිණි. “ඔව්, ගමක්. සාලියට ගොඩක් වැදගත් වෙයි. අනෙක සතුටු වේවි.” මම ලිපිගොනුව අතට ගතිමි.

 

ඔබට මෙහෙ නවතින්න තැනක් සූදානම් කරලා තියෙන්නේ. මමත් ඉන්නේ මෙහෙනේ. රාත‍්‍රී හතෙන් පස්සේදි ආයේ අපි කතාකරමු.” ආචාර්යවරයා මට සමුදෙමින් පැවසීය. පෙර කී තරුණයා පැමිණ මාව කාර්යාලයේ ගොඩනැගිල්ලේ ඇතුළට කැඳවාගෙන ගොස් කාමරයක් පෙන්වීය. “ටොයිලට්.” මට නානකාමරය පෙන්වූ තරුණයා ඉවතට ගියේය. රාත‍්‍රියේදී ආචාර්ය ජගදීශ් මට කථාකරන තුරු මවිසින් කළ එක ම දෙය වූයේ ලිපිගොනු කියවමින් අධ්‍යයනය කිරීම ය. “මට හෙට ම සින්දපූර්වලට යන්න වාහනයක් සූදානම් කරල දෙන්න.” කථාව ආරම්භයේදී ම මම කීවෙමි. මට අවශ්‍ය වූයේ පරීක්‍ෂාවට ලක්වූ පුද්ගලයන් මුණගැසීමටත්, පෞද්ගලිකව සාකච්ඡා කිරීමෙන් ඔවුන්ව හඳුනාගැනීමටත් ය.
ආචාර්යවරයා සිනාසී එකඟතාවය පළ කළේ විය. මට සින්දපූර් බලා යාමට ආචාර්යවරයාගේ වාහනයත්, රියදුරාත් ලැබිණි. “සර් නිකමටවත් වීදුරුව නම් අරින්නෙපා.” අර්ධ නාගරික ප‍්‍රදේශයක් අප විසින් පසු කර යද්දී නැගුණ දූවිලි වලාවන් දෙස මා බලා සිටිනු දුටු ශංකර් කීය. “දූවිලි එන නිසා ද?”

දූවිලි විතරක් නෙවෙයි… ජරා ගඳත් එනවා. ඉවසන්න බැරි තරම්. මම ඉන්දියාවෙ ම ඉපදිලත් මටත් වමනෙ එනව.” යි ඔහු කීවේ සිනාසෙමිනි. මම ඔහු දෙස බලා සිටියෙමි. “මේ පාර දිගට ම ජරාව, පාරෙ ම තමයි …..” “ඉතිං ඔය පාර අයිනෙ ම ගෙවල් හදාගෙන ඉන්නේ කොහොමද?” “නොඉඳ කොහොමද…? ඕකුන් ඔක්කොම පෙර ආත්මවල පාරවල්වල ජරා කරපු එවුන්. පුරුද්දයි, කරුමෙයි එකතු වෙලා.” “කොහොමද දන්නේ?” ශංකර් විශ්වාස ලෙසින් ම කියූ නිසා මම ඇසුවෙමි. “අපේ සර්ගෙ පරීක්‍ෂණවලට මමත් යනවා. ඒ වාර්තා ටයිප් කරන්නේ මම. ඒ නිසා මං දන්නවා.” ඔහු කීවේ ගර්වයෙනි. “එතකොට කුණු කාණු පල්ලේ ඔය මුඩුක්කු වගේ පරිසරවල ඉපදෙන්නේ පොදු පාරවල කැත කරපු අය ද?” මම ඇසුවෙමි. “සර්ට මම කථාවක් කියන්නම්…. නාගපුරම්වල මිනිහෙක් ඉන්නවා. එක ඇහැක්වත් පිහිටල නැහැ.” “ඇස් නැහැ…?” මා ඇසුවා නොව, මට කියවිණි. “ඔව්. ඔහුව මෝහනය කරපු වෙලාවෙ කථාව කිව්ව. කලින් ආත්මෙදි හිතාමතා ම ධර්මය යි කියලා අධර්මයක් පතුරවල. ඒ කාලෙදි නම් සැපට හිටියලු‍. මේ පාර උපදිනකොට ම ඇස් නැහැ. උපන්න දවසෙ ඉඳලම මහ එවුන් දෙන්න පාරක් පාරක් ගානෙ හිඟා කනවා. සර් කියන්නේ දැක්කම කෙළ ගහන්න හිතෙනවා, ඒ තරමට අජූව යි.”

කිසිවක් නොකී මා අසුනේ ඇන්දට හේත්තු වී දෑස් පියා ගත්තේ මසිත වූ සංවේගය නිසාවෙනි. මසිත ඉක්මනින් ම ලංකාව හා එකතු විණි. ඔහු විකෘති කළේ කවර ධර්මයක් දැයි මම නොදනිමි. අපේ රටේ සමහරක් පිරිස් බුදුවරයෙකු දේශනා කළ ධර්මයට ගරහමින්, විකෘති කරමින් රැස්කරන පව විසින් ඔවුනට කුමන අන්දමේ ඉරණමක් අත්කර දේවිදැයි සිතා ගැනීම පවා අපහසු ය. “බුදුන් උපන්නේ ලංකාවෙ ම තමයි. මමත් ගියා තැන බලන්න.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු දවසක් සැක නැතිව ම කීවේය. “වෙන්න ඇති.” සමහරෙකු එය අනුමෝදන් විය. අධර්මයක් පතුරුවා මිනිස් ලොවට එද්දී ඇස් නොමැතිව ඉපදේ නම්, අපාගත වෙද්දී ලෝකාන්තරික නිරයට ම ඇද වැටෙනු ඇතැයි මට සිතේ. “සර් නිදාගත්තෙ මම බොරු කියනව කියල හිතල ද?” ශංකර් ඇසුවේ කලකිරීමෙනි. “නැහැ… නැහැ… මම ඒ ගැනයි කල්පනා කළේ.” කලබලයෙන් මම කීවෙමි. “එහෙනම් කමක් නැහැ. සර් මේ කථාවත් අහන්නකො.” ඔහු තවත් කථාවකට මුල පිරුවේ ය. “නාගපුරම්වල ම තව ගෑණියක් ඉන්නවා. අවුරුදු හතේ ඉඳල ම කුෂ්ඨයක් පිට දාලා. දැන් අවුරුදු හැට තුනයි. සිද්ධස්ථානෙක තැන නොතැන නොබලා ඉඳුල් හලපු‍ එකියක් කලින් ආත්මෙ.” මට එක්වර ම සිහිවූයේ ගමේ පන්සල යි, අපේ ඥාතීන්ව යි. පෝය දවස අවසන් වෙද්දී බණ මඩුවේ ම ඉඳුල් ය. ඉඳුල් ගඳ ය. වඩාත් පිරෙන්නේ ගණ්ඨාර කුළුණේ පඩිය මත ය. පන්සල පුරා ම බුලත් කෙළ ය. “අවුරුදු පනස් හයක් ම කරල තියෙන්නේ ඇඟේ වහන මැස්සො පන්නන එක. මොන බෙහෙත කළත් හොඳ වෙන්නෑ.” ශංකර් කථාව සම්පූර්ණ කරමින් කීවේය. ක්‍රියාව සමඟ විපාකය මනාව ගැළපෙන නිසා මම ශංකර් කී දෑ එලෙසින් ම විශ්වාස කරමි.

තව එකක්… අවුරුදු විස්සක විතර නිවුන්නු. කකුල් දෙකෙන් බද්ධ වෙලා… දෙන්නට ම තියෙන්නේ කකුල් තුනයි. අනික්වා හරි විදිහට තියෙනවා.” “ශංකර් දැකල තියෙනවා ද?” මා ඇසුවේ ඔහු කී දේ සිතාගැනීමට පවා අසීරු නිසාවෙනි. “ඔව්. මම මෝහනය කරපු දවසෙ හිටියා. උන්ට නම් වෙලා තියෙන්නෙ මහ හිරිකිත ම දෙයක්. මළපහ කරන්න, මුත‍්‍රා කරන්න දෙන්නට උවමනා වෙන්නෙ වෙන වෙන ම. එකෙක් මළපහ කරනකොට අනිකාත්ඉ වසගෙන ඉන්න ඕන. මොන පවක් ද සර්.. මට නම් මගේ ඒවගේ ගඳවත් ඉවසන්න අමාරුයි ඇත්තට ම.” ශංකර් කියූ ආකාරයට මට සිනා නොවී සිටිය නොහැකි විය. “සර්ට නම් හිනා.” ශංකර් කීවේය. “එයාල මොනවද කරල තියෙන්නෙ?” “එකෙක් පුරුද්දක් විදිහට ම පොදු වැසිකිළිවලට ගිහින් වතුර ගහල පිරිසිදු කරල නැහැ. අනෙකත් එහෙමයි. ඌ මට මතක විදිහට පන්සලක හරි ඉස්කෝලෙක හරි. ආ…. නැහැ වැඩපළේ. ඔය වගේ ම කොරෙක් ඉන්නවා උත්තර් ප‍්‍රදේශ්වල. කොතන හරි ජරාවක් දැක්කොත් ඇඟේ තවර ගන්නවා. සර්ට කියන්න… මෝහනය කරන්න ගත්තෙ නාවලා… නාවලත් ඒත් ගඳයි.” මගේ සිත වේගයෙන් ඉගිල ගියේ මගේ පාසල් කාලය වෙතයි. පාසලේදී මවිසින් පවා ඒ වැරැද්ද නම් කර ඇති බව සිහිවෙද්දී මට මහත් බියක් දැනෙන්නට විය.

සර් මොකද එකපාරට ම වෙනස් වුණේ?” “ශංකර් කියන්නේ මහ පුදුම කථානෙ.” මම කීවෙමි. ශංකර් තවත් උනන්දු විය. “මේවා පුදුම කථා තමයි සර්. අපේ ගමේ ගෑණියක් හිටිය. ගමේ උන්ට හදිහූනියම් කරන එකයි, පොල් ගහන එකයි තමයි කෙරුවෙ. මැරිල ගිහිං අන්න දැන් දේවාලෙ පොල් ගහන ගලේ ම ඉපදිලා ඉන්නව පෙරේතියක් වෙලා. දැන් ඉතිං ගමේ උන් ගහන ගහන පොල් වදින්නේ ඒකිගෙ ඔළුවට. වැඬේ කියන්නේ සර්, මේව දැන දැනත් තාම ගමේ උන් පොල් ගහනවනෙ. උන්ටත් ඔය ටික ම වෙනවා කියලා සිහියක් නැහැ.” “ඔය ගැන දැනගත්තෙ කොහොමද? ඒක මෝහනය කරල දැනගන්න බැහැනෙ.” මම ඇසුවෙමි. “දේවාලෙ පොල් ගහනකොට ගලේ ලේ වගේ මතුවෙන්න ගත්තා. ස්වාමි ගමේ කෙනෙකුව ආවේශ කරවලයි කාරණේ දැනගත්තෙ.” ශංකර් ටික වෙලාවක් නිහඬ විය. මම සින්දපූර් ලිපිගොනුව අතට ගෙන කියවන්නට සැරසුනෙමි. “සර්ට මම තව කථාවක් කියන්න ද?” ශංකර් ඇසුවේය. “ඒක හරි හොඳ දෙයක්. මං කැමතියි.” “තව ගෑණියෙක් ඉන්නව බුද්ධගයාවට කිට්ටුව… වයස හතළිස් දෙකයි. කටේ ඇවිත් තියෙන්නේ එක දතයි. ඒකත් උලක් වගේ උඩ ලොම්බ තුවාල වෙන විදිහට. පොඩි දිවක් තියෙනවා කථා කළාට වචන හරියට පිටවෙන්නේ නැති තරම්.” “එයාවත් මෝහනය කළා ද?” මම ලිපිගොනුව උකුල මත තබා ගනිමින් ඇසුවෙමි.

ඔව්. ඒ ගෑනි කලින් ගෙදරක වැඩකාරියක්. උයපු දේවල්වල හොඳ ම කොටස ගෙදර අයට හොරා කාලා. මස් ඉව්වොත් මස්වල හොඳ ම කෑලි ටික. මේ ජීවිතේදි මස් තියා පපඩමක්වත් විකාගන්න බෑ. කෑමක් රහ විඳින්න බෑ. මාලු‍වා වගේ ගිල දානවා. ඔය අපි අතරත් ඉන්නෙ සර් අනිත් අය ගැන හිතන්නෙ නැතුව මුලින් ම හොඳ ම ටික බෙදාගෙන ගිලදාන එවුන් ඕන තරම්. එවුන්ට වෙන්නෙත් ඔය ටික ම තමයි. ඒක නම් යස පාඩම බඩජහරිකමට මං කියන්නෙ.” ශංකර් වාහනය අතුරු මාර්ගයකට හැරෙව්වේය. එමග ටික දුරක් යද්දී සින්දපූර් යනුවෙන් සටහන් කළ ලෑලි කැබැල්ලක් විශාල දේවදාර ගසකට තබා ඇණ ගසා තිබිණි.“දැන් ළඟයි ද?” මම ෂීට් බෙල්ට් එක මුදාහරිමින් ඇසුවෙමි. “අර කන්දෙන් එහා පැත්තෙ.” අප ඉදිරියේ වූ කුඩා කඳුගැටයක් පෙන්වමින් ශංකර් කීවේය. ශංකර් කියූ කථාවල මිනිසුන්ටත් වඩා බියකරු ඉරණමකට ගොදුරු ව සිටින විශාල පිරිසක් සින්දපූර්වලදී මට හමුවෙනු ඇත. කෙසේ වෙතත් මා තුළ කිසියම් නොසන්සුන් බවක් මතුවෙන්නට විය. ඇත්තෙන්ම නිබන්ධනය ලියා උපාධියක් දිනා ගන්නවාටත් වඩා මගේ ජීවිතය දෙස පසුවිපරමක් කොට වැරදි අඩුපාඩු හදාගන්නට මා හට ඉතා සුවිශේෂී අවස්ථාවක් ලැබී ඇත. මම සිත සන්සුන් කරගන්නට උත්සාහ ගතිමි.


Like it? Share with your friends!

1

ජිවත් වෙනවා කියලා දැනෙන්න නම්. මේ පුංචි කතාව නම් කියවන්නම ඕනේ

log in

reset password

Back to
log in